උපන්දින සාදයකට වෙඩිල්ලක් - 08ක් ජිවිතක්ෂයට.. තවත් 04ක් තුවාල ලබයි..

By krishani Jan 31, 2023 03:11 AM GMT
Report

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රාන්තයේ Gqeberha ප්‍රදේශයේ උපන්දින සාදයක දී සිදු වූ වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක පැවති උපන්දින සාදයක දී විනෝදවෙමින් සිටි අමුත්තන්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අහඹු ලෙස වෙඩි තබා ඇති බව.

විමර්ශන ක්‍රියාත්මක අතර මියගිය අය සහ තුවාල ලැබූවන් කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැති නමුත් ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරුද ඔවුන් අතර සිටින බව එරට පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join