මළ සිරුරු දෙකක් මුහුදය ගොඩගසයි

By Sithumi Dec 23, 2022 03:36 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය අලියවලෙයි මුහුදු තීරයට සහ මාදගල් මුහුදු තීරයන්ට මළසිරුරු දෙකක් ගොඩගසා තිබුණු බවට පොලීසිය පවසනවා.  

මාදගල් මුහුදු තීරයට ගොඩගසා තිබූ මළ සිරුර පසුගිය 20 වනදාමසුන් ඇල්ලීමට මුහුදු ගොස් අතුරුදහන් වූ පලාලි අන්රනිපුරම් ප්‍රදේශයේ පදිංචි  54 හැවිරිදි සිව්දරු පියෙකුගේ බවට අනාවරනය වී තිබෙනවා අදාල ධීවරයා මසුන් අල්ලීමට ගොස් සිටියදී මුහුද රලු වීම හේතුවෙන් බොට්ටුවෙන් වැටී දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පරික්ෂණ සිදුකරන ඉලවාලෙයි පොලීසිය සැක පල කර සිටිබ අතර වඩමාරච්චි අලියවලෙයි මුහුදු තීරයට නරක් වූ මළ සිරුක් ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව මරදංකේනි පොලීසියට දැනුම් දී තිබුණා. 

මරදන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසන්නේ පොලීසිය අලියවලෙයි මුහුදු තීරයට පැමිණ පරික්ෂා කිරීමේදී අදාල මළ සිරුර මීට සතියකට අධික කාලය පැරණි බවටත් මළ සිරුර දැඩි සෙයින් නරක් වී තිබුණු බැවින් හඳුනාගැනීමට අපහසු බවටද සිරුර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවයි.