පිහි ඇනුමකින් පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට - "භයානක හා හද කම්පා කරවන සිදුවීමක්"
කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අපරාධයට පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධ බවත්, තවමත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කැනේඩියානු පොලිසිය පවසයි.
එරට දේශීය රක්ෂිතයක් ආසන්නයේ පිහිටි වඩාත් ජනාකීර්ණ නගරයක් වන Saskatoon සිට කිලෝමීටර් 150කට ආසන්න දුරකින් පිහිටි ග්‍රාමීය නගරයක් වන වෙල්ඩන්හි දි මෙම අපරාධය සිදු ව ඇති අතර පිහි ඇනුමෙන් පසුව රෝයල් කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය විසින් පෙරවරු 07න් පසුව අනතුරුදායක පුද්ගලයින් පිළිබඳ වන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
පොලිසිය විසින් මේ වනවිට සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති අතර 30 හැවිරිදි වියෙහි පසුවන Damien Sanderson හා 31 හැවිරිදි Myles Sanderson නමැත්තන් මෙම ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ මෙම සිදුවීම විස්තර කළේ "භයානක හා හද කම්පා කරවන" සිදුවීමක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |