පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 31ක් මරුට 170ට තුවාල - ප්‍රධාන රෝහල්වල හදිසි තත්වයක්

Report

පකිස්ථානයේ ෆෙඩරල් අගනුවර වන ඉස්ලාමාබාද් හි සිකුරාදා දින යාඥා අතරතුර මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් අවම ලෙස පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 170 ක් පමණ තුවාල ලබා ඇති බව එරට පොලිසිය සහ රජයේ නිලධාරීන් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉස්ලාමාබාද් නියෝජ්‍ය කොමසාරිස් ඉර්ෆාන් නවාස් මේමන් මහතා කියා සිටියේ ඉස්ලාමාබාද්හි ෂෙෂාඩ් නගර ප්‍රදේශයේ පිහිටි ෂියා මුස්ලිම් පල්ලියේ මෙම පිපිරීම සිදුවී ඇති බවයි. ඒ හේතුවෙන් ඒ අවට ඇති සියලුම ප්‍රධාන රෝහල්වල හදිසි තත්වයක් පැනවීමට බලධාරීන් පෙළඹවී ඇත.

එමෙන්ම තුවාල ලැබූවන් ඉස්ලාමාබාද්හි සහ යාබද රාවල්පින්ඩි නගරයේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත්, තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කර ඇත.

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

පිපිරීමෙන් පසු ආරක්ෂක හමුදා, පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානය වටලා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර, නීතිය ක්‍රියාත්මක කරන්නන් පිපිරීමේ ස්වභාවය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පල්ලියේ දොරටුව අසල නතර කිරීමෙන් පසු තමාවම පුපුරුවා ගත් අතර, එමඟින් පල්ලියට සහ අසල ගොඩනැගිලිවලට හානි සිදුව තිබෙනවා.

ද. කොරියාවේ නගරාධිපති ලංකාවේ කාන්තාවන් ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

ද. කොරියාවේ නගරාධිපති ලංකාවේ කාන්තාවන් ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

එසේම මෙම සිද්ධියෙන් පසුව අගනුවර පුරා ආරක්ෂක පියවර තර කර තිබෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මඟින් වහාම භාරගෙන නොමැති වුවත් පකිස්ථාන තලේබාන් සහ ඉස්ලාමීය රාජ්‍යය වැනි සටන්කාමීන් බොහෝ විට රටේ සිවිල් වැසියන්ට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ වන බව සඳහන්.

මෙම පිපිරීම හෙළා දකිමින් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්, පිපිරීමෙන් අහිංසක ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කළ අතර, විපතට පත් පවුල්වලට ද සිය ශෝකය පළ කර තිබෙනවා.

විකෘති ලිංගික ආසාවන් තියෙන ලෝක බලවතුන් වෙනුවෙන් වෙනම ලෝකයක් හදපු ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාවත් ගෑවෙයි

විකෘති ලිංගික ආසාවන් තියෙන ලෝක බලවතුන් වෙනුවෙන් වෙනම ලෝකයක් හදපු ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාවත් ගෑවෙයි