කෝප් කමිටුවෙන් තවත් ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි..!

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර, සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බවයි.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.