සලේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගාන්නෙත් නෑ - දයාසිරි ජයසේකර

Report

ආරක්ෂක අංශ භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් නීත්‍යානුකූල සහ සාධාරණ පරීක්ෂණයක් රටේ නීතියට අනුව ක්‍රියාත්මක කරන්නේ නම් ඒ පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත්ම හඬා වැටෙන්නේ හෝ කෙඳිරිගාමින් විරෝධය දක්වන්නේ හෝ නැති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

හිටපු බුද්ධි ප්‍රධානියා සතු පෞද්ගලික පරිගණක පද්ධතිය හෝ එහි දත්ත ගොනු නීති විරෝධී ලෙස විවෘත කළහොත් මෙරට පැවති තිස් වසරක දරුණු යුද්ධයට සෘජුවම අදාළ වන රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අතිශය රහසිගත තොරතුරු රාශියක් සමස්ත ලෝකයටම නිරාවරණය වීමේ දැඩි අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ දේශපාලන අංශ නායකයෙකුව සිටි තමිල් චෙල්වම් නැමැත්තා ගුවන් ප්‍රහාරයකින් මරා දැමීමට අදාළව මෙරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ සුවිශේෂී බුද්ධි සැලසුම් පිළිබඳ රහස් තොරතුරු පවා ඇත්තේ එම පරිගණක පද්ධතිය තුළ බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වෙතත් සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින ඕනෑම චෝදනාවකට අදාළව පක්ෂග්‍රාහීත්වයෙන් තොර ඉතාමත් ස්වාධීන පරීක්ෂණයක් නීතියට අනුකූලව පැවැත්වූවාට තමන් කිසිසේත්ම විරුද්ධ නැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

විශේෂ දැනුම්දීමක් - හෙට මේ දීමනාව සියලුම දෙනාගේ බැංකු ගිණුම්වලට

විශේෂ දැනුම්දීමක් - හෙට මේ දීමනාව සියලුම දෙනාගේ බැංකු ගිණුම්වලට