කොළඹ දිසා අධිකරණයෙන් දයාසිරිට නියෝගයක්

Report

කොළඹ දිසා අධිකරණය අද  නිකුත් කළ අතුරු තහනම් නියෝගයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වා ඇත.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව අධිකරණයේදී සඳහන් විය.

කෙසේ වෙතත්, දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ පැමිණිල්ලේදී කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී නොමැත.

මෙම නඩුව ඉදිරියටද තීන්දු කිරීම සඳහා විභාගයට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්