දයාසිරි ජයසේකරගේ අභියාචනයක් සඳහා දින දෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අභියාචනයක් වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන සැප්තැම්බර් මස 18 වැනිදා අධිකරණය හමුවේ නැවත කැඳවන ලෙස බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද 30 වනදා නියෝග කළේය.
මෙම විශේෂ පෙත්සම අද 30 වනදා මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ දෙපාර්ශවයම නියෝජනය කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අධිකරණය විසින් මෙම නව නියෝගය නිකුත් කරනු ලැබීය.
පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වෙනස් වෙනවද? දෙමව්පියන් මඟ බලපු උත්තරේ පාසල් ළමුන්ගේ ප්‍රවාහන සංගමයෙන්
දයාසිරි ජයසේකර මහතා සිය අභියාචනය තුළින් ප්‍රධාන වශයෙන්ම කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා වශයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීට පෙර ගොනු කළ මූලික ඉල්ලීම විභාග කළ කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක නියෝගය හා සෘජුවම සම්බන්ධ වන බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.
කොළඹ දිසා අධිකරණය විසින් ලබාදුන් එම මුල් තීරණය සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත මෙම නව අභියාචනය පසුව ඉදිරිපත් කරනු ලැබ තිබුණි.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් නිල වශයෙන් කටයුතු කිරීමට පූර්ණ අවසර දෙන ලෙසත් ඒ සඳහා කිසිදු ආකාරයකින් බාධා පැමිණවීම වළක්වමින් එම පක්ෂයේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අනෙකුත් වග උත්තරකරුවන්ට ස්ථීර නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම අභියාචනය තුළින් හෙතෙම අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.