තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ධුරයට දයා ලංකාපුර පත් කෙරේ

Government Employee Government Of Sri Lanka Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Aug 10, 2025 06:30 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. දයා ලංකාපුර මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 60කට අධික කාලයක් සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ඔහු 1965 වසරේදී කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ලංකාපුර මහතා, දිවයින, සිළුමිණ, දිනමිණ, රිවිර, ලක්බිම යන පුවත්පත්වල සහ බීබීසී සංදේශයේ වාර්තාකරුවකු ලෙසත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත් සේවය කර ඇත.

ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රසිද්ධ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව වාර්තා කළ අධිකරණ වාර්තාකරුවකු ලෙසත්, දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙසත් කටයුතු කර තිබේ.

සැප්තැම්බර් සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ක්‍රමයට

සැප්තැම්බර් සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ක්‍රමයට

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න