කොරෝනාවට බියවී තම අනාගතය අඳුරු කරන්න ගිය නැන්දම්මට ලේලියගෙන් අමුතු පාඩමක්..

By Sithumi Dec 20, 2021 11:00 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදනය වීම නිසා සිය පුතු තමන් විවාහ කර ගන්නවාට අකැමැති වූ පෙම්වතාගේ මව කැමැති කර ගන්නට අපූරු කෙමක් කළ පෙම්වතියක පිළිබඳ තොරතුරු කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ප්‍රධාන නගරයකට කිලෝ මීටර 15ක් පමණ දුරින් පිහිටි ගම්මානයක පදිංචි මෙම 25 හැවිරිදි තරුණිය නගරයේ එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කළාය. එම නගරයේම තවත් පෞද්ගලික ආයතනයක සේවය කළ 28 හැවිරිදි තරුණයකු සමග වසර කිහිපයකට වැඩි කාලයක් ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුණ අතර දෙපාර්ශ්වයේ ඥාතීහු ද එයට කැමැත්ත දුන්හ.

කෙසේ වුවත් පසුගිය කාලයේ කොවිඩ් වසංගතය වැඩි වශයෙන් වාර්තා වී තිබූ නිසා මේ දෙදෙනාගේ විවාහය දවසින් දවස ප්‍රමාද වන්නට විය. මේ අතර දැනට මාස කිහිපයකට පෙර පෙම්වතිය සේවය කළ කම්හලේ සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිත වූ අතර ඒ නිසාම අදාළ පෙම්වතියටද කළ පීසීආර් පරීක්ෂණයේදී ඇයද ආසාදිත බව තහවුරු විය.

කෙසේ හෝ ඇයට රෝග ලක්ෂණ නොපෙන්වූ අතර දින 14ක නිරෝධායනයෙන් පසුව ඇය යථාතත්ත්වයට පත් වූවාය. එසේ වුවද තම අනාගත ලේලියට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගත් පෙම්වතාගේ මව ඇය තම පුතාට විවාහ කර දෙන්නට අකමැති වූවාය. මෙම රෝගය ගැන විශාල බියකින් සිටින ඇය සිය පුතුට මෙන්ම ඥාතීන්ටද ප්‍රකාශ කරන්නේ ඕක මහ භයානක ලෙඩක්. ඒ ලෙඩේ හැදුණ දරුවෙක් මගේ පුතාට බන්ඳල දෙන්න බෑ.

කවුද දන්නේ හොඳටම සනීප වුණාද නැද්ද කියා යැයිද කීවාය. මේ කතාව පෙම්වතියටද ආරංචි වී තිබූ අතර පෙම්වතාද ඇය සමග මේ බව කීවේය. කෙසේ නමුත් තම ඥාතීන් මේ ගැන කතා කළද පෙම්වතා ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් ලැබෙන මුල් අවස්ථාවේදීම විවාහ වන බවද ඇයට පොරොන්දු විය.

පෙම්වතිය මේ ගැන සිතුවේ විවාහ වීමෙන් පසුව වුවද සිය නැන්දණියගෙන් මේ ගැන නිතර අසන්නට ලැබෙන නිසාත් පෙම්වතා සමඟ සාකච්ඡා කර ඔහුටත් කොවිඩ් සෑදී ඇති බවට කතාවක් නිර්මාණය කිරීමට ඇය පියවර ගත්තාය. ඒ අනුව කිසිවකුටත් නොකියා පෙම්වතා සහ ඇය පමණක් දන්නා මේ රහස අනුව පෙම්වතා නිවසේදී දින 14ක් නිරෝධායනය වූ අතර ඇයගේ විවාහයට තිබූ බාධකය එතැනින් අවසන් විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha