නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වුනා

Report

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තියෙනවා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135කි. ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබලා තියෙනවා.

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු වෙන්න අවශ්යයි වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම විදිහටයි.

බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් අද (28) සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දැමුවා සුවිශේෂී වූ රතු ලෝගුවෙන් සැරසී ඡන්දය භාවිත කිරීමට එන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව පාප්වරයා තෝරාගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනවා 1800 සිට එන එම සම්ප්‍රදායට හේතුවී ඇත්තේ, ඡන්දයේ රහස්ස්‍යභාවය රැකගැනීම සහ දේශපාලන බලපෑම් වලින් පල්ලිය ආරක්ෂා කරගැනීමටයි.

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

එම ඡන්ද විමසීමෙන් අනතුරුව පාප්වරයෙකු තෝරාගත් බවට බාහිර ලෝකය දැනුම්වත් වන්නේ, ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙන් ඒ අනුව සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංණ්ඛේතවත් කෙරේ.