ධානිෂ් අලි ඇතුළු සිව් දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය..

Sri Lanka Sri Lanka Anti-Govt Protest
By krishani Aug 12, 2022 06:12 AM GMT
krishani

krishani

Report

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (12) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එහිදී කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.