“විවාහයෙන් පස්සේ ගොඩක් නිර්මාණ එකවර බාරගන්නේ නැහැ.”සුරූපී රංගන ශිල්පිනි ධනංජි කියූ කතාව. (PHOTOS)
කොහොම වුනත් මේ දඟකාරිය දැන් ආදරණිය බිරිඳක්.ඉතින් ඇයගේ විවාහ ජීවිතය ගැන මේ විදිහට පැවසුවා. “විවාහා වෙලා අවුරුදු දෙකකටත් වැඩියි, නමුත් වසරක් විතර ගෙවන්න සිද්ද වුනේ නිවාස ඇතුලේමයි. ඒකත් පවුල් ජිවිතෙකට හොඳ දෙයක් කියලා හිතනවා. දෙන්නට දෙන්නා නිතරම දකිනකොට එකට වැඩ කටයුතු කරගන්න නිදහසක් ලැබෙන්නේ නැහැ.ඉතින් මේ ලැබුණු අවස්තාව නිසා එකිනෙකා හඳුනාගන්න හොඳ අවස්තාවක් කියලා හිතනවා. ගෙදරටම වෙලා හිටිය නිසා පවුලේ හැම කෙනෙක්ම එක්ක හොඳින් කාලය ගතකරනත් හැකිවුනා. හස්බන්ඩ්ගේ පවුලේ අයත් හරිම හොඳයි, ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චියි, මල්ලිලා දෙන්නයි.
අපි දෙන්නාත් එකතු වුනාම ලොකු පවුලක්. අම්මා ගුරුවරියක් මල්ලිලා දෙන්නා තාමත් අධ්‍යාපනය ලබමින් ඉන්නේ. රංගන ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි නිතරම වගේ කාර්යභහුල වෙනවා.මේ හැමදෙයක්ම එක්ක පවුල් ජීවිතෙත් සාර්ථක කරගන්න නම් පැති දෙකම බැලන්ස් කරගෙන යන්න ඕන.
නමුත් විවාහයෙන් පස්සේ ගොඩක් නිර්මාණ එකවර බාරගන්නේ නැහැ. එක වැඩක් අවසන් කරලයි තවත් වැඩකට යනවා නම් යන්නේ, එතකොට හැම පැත්තක්ම ගානට බැලන්ස් කරගෙන ඉන්න පුලුවන්. රඟපානවට සැමියාගෙන් අකමැත්තක් නැහැ එයා කියන්නේ ඕනෑවට වඩා කාර්යභහුල වෙන්නේ නැතිව වැඩ කරන්න කියලා. මම කොහොමත් ටිකක් කටකාර නිසා තරහාගිය වෙලාවල් වලදී එයා ගොඩක් වෙලාවට නිශ්ශබ්දව ඉන්නවා.”
ඉතින් මේ වසංගත තත්වය නිසා ඔවුන් කරන්න හිටිය ගොඩක් වැඩ කටයුතු කල් දමන්න සිද්ද වුනාලු.ඒ ගැන ඇය පැවසුවේ මෙහෙමයි. “අපි කරන්න හිතාගෙන හිටිය ගොඩක් වැඩ කටයුතු පස්සට දන්නා සිද්දවුනේ රටේ තිබ්බ තත්වේ නිසයි. අකමැත්තෙන් වුනත් බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් පස්සට දැම්මා. ඉස්සර ගොඩක් බලාපොරොත්තු තිබුනත් දැන්නම් එදෙවල් ගැන ලොකු අසාවක් නැහැ. අද තියන තත්වයත් එක්ක ජිවිතේ ප්ලෑන් කරන්න අමාරුයි. ව්‍යාපාරයකුත් ආරම්භ කරන්න හිතාගෙන හිටියත් එදෙවලුත් ටිකක් කල් දාන්න සිද්ද වුනා.”
ඉතින් මේ සුන්දර දඟකාර රංගන ශිල්පිනියට හා ඇයගේ ආදරණිය සැමියාට හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවායි ප්‍රර්ථනා කරමු.ඒ වගේම ලැබුවා වූ 2022 අලුත් අවුරුද්ද ඔවුන්ද වගේම ඔබ සැමටත් සාර්ථක සතුටු පිරුණු අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරනවා.