අරගලයේ ලක් අම්මා පාර්ලිමේන්තු එන්න සූදානම් වෙයි..තරග කරන පක්ෂය සහ දිස්ත්‍රික්කය මෙන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරන බව වාර්තා වනවා.
සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා ඇය රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තබා තිබේ.
වරප්‍රසාද සියල්ල කපා දමන බවට ප්‍රකාශ කරන පසුබිමක තමන් පෙරමුණට පැමිණියේ ජනතාව වෙනුවෙන් බවයි ඇය කියා සිටියේ.
ඇය එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් පැවසුවේ, පසුගිය කාලයේ තමන් විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශයන් නිසා කිසිවකුගේ සිත් රිදුනේ නම් සමාව ඉල්ලා සිටින බවයි.