රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට
මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය ශිෂ්‍යාව ඊයේ දින රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දට ගොස් ඇත. ඉන් පසු උදෑසන අවදි නොවීම නිසා දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිට තිබෙනවා.
එනිසා අඳාළ ශිෂ්‍යාව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් කටයුතු කර ඇත.
එසේ වුවත් ඇය ඒ වන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පවසයි. කෙසේ වෙතත් ඇයගේ මෙම හදිසි මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.