වසා දැමූ ආර්ථික මධ්‍යස්ථානයක් යළි විවෘත කිරීමට තීරණයක්

covid19 infections dambulla economic center
By Sewvandhi May 04, 2021 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව හෙට උදෑසන 05.00 සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබුණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් කිහිපදෙනෙකු ද හඳුනාගැනුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now