දිට්වා සුළි කුණාටුවෙන් වනාන්තර වලට වෙලා තියන හානිය මෙන්න

Report

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු වාර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34% ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය සදහන් කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය කර තිබෙන බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කර ඇත.

ඒවගේම අමාත්‍යවරයා සදහන් කළේ පරිසර අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා තමන්ට භාර දුන් බවයි.

ආපදාවලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7 ක පරිසර පද්ධතිවලට ද හානි වී තිබෙන බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඒවගේම ආපදාවලින් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳවද අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී මහතා ප්‍රකාශ කර තිබේ.

අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙත NBRO වෙතින් නිර්දේශ

අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙත NBRO වෙතින් නිර්දේශ