මහනුවරට බෝම්බ බිය පැතිරූ ඊ-මේල් එක ගැන සොයන්න නියෝග

Report

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබූ තොරතුරක් යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහයක් බවට පොලිසිය සැක කරයි.

ඊයේ (26) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, කාර්යාල පරිශ්‍රයේ නතර කර තිබෙන මෝටර් රථයක බෝම්බයක් පුපුරා යෑමට නියමිත බවට ඊමේල් පණිවිඩයක් ලැබී තිබේ.

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - පුද්ගලයා තර්ජනය අලුත් කරයි

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - පුද්ගලයා තර්ජනය අලුත් කරයි

ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රියකරණ අංශය, පොලිස් සුනඛ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කාර්යාලය දැඩි සෝදිසියකට ලක් කළේය.

නමුත් සැකකටයුතු කිසිවක් හමු වී නැත. එබැවින් මෙවැනි පුවත් පැතිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න