මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව මාලිමාවට පෙර සජබෙන් පාර්ලිමේන්තුවට.
Parliament of Sri Lanka
Samagi Jana Balawegaya
National People's Power - NPP
By Wayomi
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙසට සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් තිබෙනවා.
ඔහු පවසන්නේ එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවයි.
මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් ඔහු පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ බව කියා සිටියේ, අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්.
You may like this video