උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි. (VIDEO)

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Wayomi Nov 28, 2024 05:05 AM GMT
Wayomi

Wayomi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ , 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

 

ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

"නොවැම්බර් 27 සිට දෙසැම්බර් 3 වන දා දක්වා අපි පවත්වන්නේ නෑ. එතකොට දින 6ක් විභාගය නෑ. එතකොට විභාගය නැවත පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 4 වෙනි බදාදා. ඒ එක්කම දෙසැම්බර් 4 වෙනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන්. මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව දෙසැම්බර් 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිත විෂයන් තමා එදිනට පැවැත්වීමට කටයුතු කරන්නේ. විෂයන් වශයෙන් උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය තමයි 4 වෙනි බදාදා පැවැත්වෙන්නේ."

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.



You may like this video


 

ReeCha