නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ...

Report

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටිනවා.

පසුගිය ජනවාරි මාසයේ දී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බංග්ලාදේශ විරෝධතා හමුවේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට...

බංග්ලාදේශ විරෝධතා හමුවේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට...

රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු අතර, අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබිය දී පසුගිය සතියේ දී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර තිබුණි