මැද පෙරදිග යුද උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

Report

අද  දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින අතර, සමහර බැංකු වල විකුණුම් අනුපාතිකය රුපියල් 315 ට ආසන්නව පවතී.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රුපියල් 308.55 සිට රුපියල් 308.75 දක්වා සහ රුපියල් 313.30 සිට රුපියල් 313.50 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රුපියල් 308.05 සිට රුපියල් 308.40 දක්වා සහ රුපියල් 314.55 සිට රුපියල් 314.90 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 307.77 සිට රුපියල් 308.01 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය රුපියල් 314.55 සිට රුපියල් 314.81 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 306.35 සහ රු. 314.75 ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 308.25 සිට රු. 308.50 දක්වා සහ රු. 314.75 සිට රු. 315 දක්වා ඉහළ ගොස් තිබේ.