පැය 24ක් තුළ දෙපාරක්ම විදුලිය බිඳ වැටිලා.. අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසා දාලා..

Power Cut Today Cuba Latest Headlines Decision Making
By krishani Oct 20, 2024 12:59 PM GMT
krishani

krishani

Report

මේ වනවිට කියුබාව බරපතළ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ හේතුවෙන් පැය 24ක් තුළ දෙවරක්ම රටපුරා විදුලිය බිඳවැටී තිබෙනවා.

කියුබාවේ රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අර්බුදය හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසය.

එමෙන්ම, අමෙරිකානු සම්බාධක, මිල්ටන් සුළිකුණාටුවේ බලපෑම මෙන්ම කියුබාවේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවෙක් වන වෙනිසියුලාවේ පවතින අර්බුද මෙම තත්ත්වයට දායක වී ඇත.

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..


එවන් පසුබිමක එරට ජාතික විදුලි සැපයුම මුළුමනින්ම බිඳවැටීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.

පැය 24 ක් තුළ විදුලි සැපයුම දෙවරක් බිඳවැටීම හේතුවෙන් උරණ වූ කියුබානු ජනතාව වීථි බැස සිය විරෝධය පළකර තිබෙනවා.

හවානා අගනුවර ජනතාව, මාර්ග අවහිර කරමින් විරෝධය පළකළ අතර කාන්තාවන් ආහාර පිසින බඳුන්වලට තට්ටු කරමින් තම විරෝධය පළකර ඇත.

කියුබානු විදුලි සැපයුම මෙලෙස බිඳවැටුණේ දූපතේ විශාලතම විදුලි බලාගාරය වසාදැමීමට සිදුවීමෙන් ය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙලෙස බලාගාරය වසාදැමීමට සිදුවූ බව වාර්තා වේ.

හෙට දිවයින පුරා වෙන.. කාලගුණික වෙනස ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

හෙට දිවයින පුරා වෙන.. කාලගුණික වෙනස ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..


විදුලි සැපයුම යළි යථාවත් කරමින් පවතින නමුත් තවමත් ඇතැම් කලාපවලට විදුලිය ලැබී නොමැති බව සඳහන් වේ.

කියුබාවේ මිලියන 10ක ජනතාව ඉන්ධන සහ විදුලිබලයට අමතරව අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ හිඟයකට මුහුණපා සිටියි.

කෙසේ වෙතත්, පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසාදැමූ රජය ජනතාවගෙන් අයැද සිටින්නේ අර්බුදය විසඳාගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කරන්න ලෙසය.