වින කරපු ඇමරිකාවෙන්ම දෙන්න යන ඩොලර් මිලියන 100 - දුක් විඳපු කියුබාවෙන් ප්‍රතිචාර

Report

කියුබාව පුරා පවතින දැඩි විදුලි කප්පාදුවට එරෙහිව එරට වැසියන් විරෝධතාවල නිරත වීමෙන් පසුව, ඇමරිකානු රජය ඉදිරිපත් කළ ඩොලර් මිලියන 100 ක (පවුම් මිලියන 74 ක) මානුෂීය ආධාර යෝජනාව සමාලෝචනය කිරීමට සූදානම් බව කියුබානු රජය සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ (14) දින සඳහන් කර ඇත්තේ මෙම යෝජනාවේ විස්තර සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඇසීමට තම රට සූදානම් බවයි.

එමෙන්ම එරට බලශක්ති අමාත්‍යවරයා අනාවැකි පළ කර ඇත්තේ ඇමරිකාව විසින් පනවා ඇති තෙල් අවහිර කිරීම් නිසා කියුබාවේ ඩීසල් සහ ඉන්ධන සැපයුම දැඩි වශයෙන් සීමා වී ඇති අතර, එනිසා බලශක්ති පද්ධතිය "විවේචනාත්මක" මට්ටමක පවතින බවයි.

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

එබැවින් රෝහල්වල සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී තිබෙන අතර, පාසල් සහ රජයේ කාර්යාල වසා දැමීමට ද සිදුවී ඇති බව සඳහන්. මේ හේතුවෙන් කියුබාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මීට පෙර කියුබාවට ඉන්ධන ලබා දුන් වෙනිසියුලාව සහ මෙක්සිකෝව ද, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු තර්ජන හමුවේ සිය සැපයුම් නවතා දමා තිබෙනවා.

එවන් පසුබිමක කියුබානු ජනතාවට "ත්‍යාගශීලී සහයෝගයක්" ලබා දීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් අවධාරණය කර තිබෙන අතර, ඇමරිකාව සඳහන් කරන්නේ මෙම ආධාර කියුබානු රජය මඟ හැර කතෝලික පල්ලිය හෝ ස්වාධීන මානුෂීය සංවිධාන හරහා බෙදා හැරිය යුතු බවයි.

ඊශ්‍රායල අගමැති සහ එමීර් රාජ්‍යයට - මැදපෙරදිග දේශපාලනය ගිනියම් වෙයි

ඊශ්‍රායල අගමැති සහ එමීර් රාජ්‍යයට - මැදපෙරදිග දේශපාලනය ගිනියම් වෙයි

එයට ප්‍රතිචාර දක්වමින් කියුබානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සැබෑ සහයෝගීතාවයකින් යුතුව ලබා දෙන විදේශ ආධාර තම රට ප්‍රතික්ෂේප නොකරන බවයි.

එහෙත් ඇමරිකාවට කළ හැකි හොඳම උපකාරය වන්නේ මෑත මාසවලදී දැඩි කර ඇති බලශක්ති සහ ආර්ථික සම්බාධක ලිහිල් කිරීම බවත් ඔහු වැඩිදුරටත් පවසන බව සඳහන්.

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

අද මේ කලාපවල සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් - ගුරුවරුන් සහ සිසුන්ට පාසලට කැඳවීමෙන් වළකින්නයි දන්වයි

අද මේ කලාපවල සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් - ගුරුවරුන් සහ සිසුන්ට පාසලට කැඳවීමෙන් වළකින්නයි දන්වයි