අද මේ කලාපවල සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් - ගුරුවරුන් සහ සිසුන්ට පාසලට කැඳවීමෙන් වළකින්නයි දන්වයි

Report

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී ඇති බව සඳහන්.

තාමත් ලංකාවෙන් ඉවතට නොගිය අඩුපීඩන කලාපය ගැන දැනුම්දීමක් - අද වෙන්නේ මේකයි

තාමත් ලංකාවෙන් ඉවතට නොගිය අඩුපීඩන කලාපය ගැන දැනුම්දීමක් - අද වෙන්නේ මේකයි

එසේම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව පවසයි.

තවද නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රීයාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබෙන බව සඳහන්. 

රතු නිවේදනයක් - හෙට 8.30 වනතුරු වලංගු බව දිවයිනටම දන්වයි

රතු නිවේදනයක් - හෙට 8.30 වනතුරු වලංගු බව දිවයිනටම දන්වයි

නැවතත් එල්ලිනෝ තත්ත්වයක් - විශේෂ හෙළිදරව්වක්

නැවතත් එල්ලිනෝ තත්ත්වයක් - විශේෂ හෙළිදරව්වක්