බොරතෙල් මිල ගණන් වල ස්ථාවර වීමක් - තෙල් මිල අඩු වෙයිද..?

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගතවූ සතියක කාලය තුළ ගණන් ස්ථාවර වීමක් පෙන්නුම් කළා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල අඛන්ඩව ඩොලර් 80 ත් 82 ත් අතර මිලකයි පැවතුණේ.

එය සැප්තැම්බර් මාසයේ බොරතෙල් මිල ඩොලර් 90 ඉක්මවා ගිය පසු දිගු කලක් ස්ථාවරව පැවති ප්‍රථම අවස්ථාවයි.

බොරතෙල් මිල ගණන් වල ස්ථාවර වීමක් - තෙල් මිල අඩු වෙයිද..? | Crued Oil Price World Market

එනම් ඔක්තෝම්බර් මාසේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යමින් පැවතුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඔක්තෝම්බර් 22 වනවිට ඩොලර් 92.16 ක් ලෙස සටහන් වූ අතර, එය සියයට බින්දුවයි දෙකයි දෙකක පහළ යෑමක්.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිලද ඒ වනවිට පහළ යමින් පවතින අතර, එය ඇමරිකානු ඩොලර් 88.08 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඔක්තොම්බර් (21) මෙම බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 88 යි ශත 75ක් ලෙසයි.