බොරතෙල් මිල ඉහළට.

By Hashini Oct 30, 2023 10:23 AM GMT
Report

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

එලෙස ඉහළ යාම සඳහා ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම් තවදුරටත් වර්ධනය වීම හේතුවී තිබෙනවා.

යුරෝපා සංගමය විසින් මැද පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇති විය හැකි ඩීසල් හිඟය සම්බන්ධයෙන් හමුවක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

යුරෝපයට ශීත සෘතුවේදී බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී තිබෙනවා.

යුරෝපය මැදපෙරදිග ඩීසල් වෙත අවධානය යොමු කර ඇත්තේ රුසියානු ඉන්ධන සැපයුම් සීමාවීම හේතුවෙනි.