තෙල් බැරලයක මිල ඩොලර් 92 සීමාව පසාරු කරයි

Report

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) දින සුළු වශයෙන් ඉහළ යාමක් හා පහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන 6.40 වන විට අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වර්ධනයකි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.33 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 3.98ක පහළ යාමක් ලෙස දැක්වේ.

විශ්ව බලශක්ති වෙළෙඳපොළ තුළ සැපයුම් සහ ඉල්ලුම් තත්ත්වයන් මත බොරතෙල් මිල ගණන් මෙලෙස සුළු උච්චාවචනයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම්

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම්

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්