බොර තෙල් බැරලය ඩොලර් 100 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර සම්මත බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 18%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 108.68 දක්වා ගොස් ඇත.
එමෙන්ම WTI බොර තෙල් බැරලයක මිලද ආසන්න වශයෙන් 20%කින් ඉහළ ගොස් ඩොලර් 108 පමණ දක්වා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඉහළ යාම ප්‍රධාන වශයෙන් ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම, මැද පෙරදිග තෙල් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන කප්පාදුවීම් සහ නෞකා ගමන් මාර්ගවල බාධා හේතුවෙන් සිදු වී ඇති බව දැක්වේ.
මෙය 2022 වසරෙන් පසු බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස සැලකේ.
මෑත සති කිහිපය තුළ බ්‍රෙන්ට් මිල ඩොලර් 115 දක්වාත් WTI ඩොලර් 113 දක්වාත් ඉහළ ගොස් ඇති අතර, තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් මිල ඩොලර් 120 දක්වා යා හැකි බව විශ්ලේෂකයින් පවසති.
මෙය ලෝක ආර්ථිකයට සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල කරනු ඇත.