බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (09) තවදුරටත් තීව්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මෙය මෑතකාලයේ සිදු වූ වාර්තාගතම එක දිනක මිල ඉහළ යාමක් ලෙස සැලකෙනවා.
විදේශ මාධ්‍ය වාර්තා අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 119කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 119කට ආසන්න සටහන් වී තිබෙනවා.
බොහෝ වෙළෙඳපොළවලදී බ්‍රෙන්ට් මිල $116-$119 අතර පවතින අතර, එය පෙර දිනයට සාපේක්ෂව 20%-29%ක පමණ වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ.
මෙම තීව්‍ර ඉහළ යාම ප්‍රධාන වශයෙන් ගෝලීය යුද උණුසුම් හේතුවෙන් සිදු වී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම් බාධා වීම්, මැද පෙරදිග රටවල්වල නිෂ්පාදන කප්පාදුවීම් හේතුවෙන් තෙල් සැපයුම් දාමයේ බරපතල බාධා ඇති වී තිබෙනවා.
මෙම තත්ත්වය නිසා ආසියානු කොටස් වෙළෙඳපොළවල් 7%කට ආසන්න පහත වැටීම් සිදු වී ඇති අතර, ගෝලීය ආර්ථිකයට බලපෑම් බලාපොරොත්තු වෙනවා.