අද සවස 6.00ට සිදු වන විශේෂ දේ..කැමති අය මේ ගැන සූදානමින් ඉන්න..
ප්‍රමුඛ ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් සහ Web3 නවෝත්පාදකයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථම හමුව අගෝස්තු 3 වන දින සවස 6.00 සිට කොළඹ NH Collection, Mont Blanc හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.
මෙම හමුව මෙරට ප්‍රජාව තුළ ක්‍රිප්ටෝ කරන්සි සහ බ්ලොක් චේන් තාක්ෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවත්වෙන බවයි සඳහන් වන්නේ.
මෙම Bitget හමුව සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරන්නන්, (KOLs), සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඊ මුදල් ගණුදෙනුකරුවන් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් සහිත පුද්ගලයින් සහභාගීවෙයි.
මෙහිදී ක්‍රිප්ටෝ මුදල් භාවිතාවේ ප්‍රවණතා පිළිබඳ සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.
මෙහි ප්‍රධාන අංගයක් ලෙස Bitget පිළිබඳව ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන්ට හඳුන්වා දීම සිදුවන අතර Bitget වේදිකාව සහ අනාගත අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාදීම ද සිදුවෙයි.
සංවිධායකයින් පවසන්නේ, අදාළ තොරතුරු සැසිවලින් ඔබ්බට, සහභාගි වන්නන්ට ක්‍රිප්ටෝ අවකාශයේ ප්‍රවීණයන් සහ ක්‍රිප්ටෝ ගණුදෙනු සම්බන්ධ උන්නදුව ඇති අය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදා වන අතර මෙම අවස්ථාව සඳහා සහභාගී වන්නන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමිවන බවයි.
මෙම හමුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Bitget සමාගම විසින් සිදුකරනු ලබන ආරම්භයක් ලෙසයි සැලකෙන්නේ.
2024 වර්ශයේ දී, Bitget සමාගමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර 2018 වර්ශයේ සිට, Bitget සමාගම රටවල් 100 කට වඩා වැඩි ගණනක මිලියන 25 කට අධික පරිශීලකයින් සඳහා පහසුකම් සපයන ප්‍රමුඛ ගෝලීය ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කිරිමේ සහ Web3 සමාගමක් බවට පත්ව ඇත.
