රනිල් ලඟට ගිය පොහොට්ටු මන්ත්‍රීවරුන් යළි මහින්ද ලඟට එයි..
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට එක්වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළිත් පක්ෂයකට එක් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, එක් එක් මන්ත්‍රීවරුන්ට වෙන් වෙන්නව කතා කර ඔවුන් පක්ෂයට එක් කරගෙන ඔවුන්ගේ සහාය පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව, මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු යලි පොදු ජන පෙරමුණට සහාය දීමට එකඟතාවය පළ කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෝහාන් ද සිල්වා මහතා ද ඊයේ දිනය කියා සිටියේ තමන් පක්ෂයේ තීරණය සමඟ එක්වීමට යළි තීරණය කළ බවයි.