13 දෙනෙක් රෝහලට යවන්නට තරම් වූ මන්දමානසික කාන්තාවගේ ක්‍රියාව...

By Sithumi May 03, 2022 06:23 PM GMT
Sithumi

Sithumi

Report

පොලොන්නරුව අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට යාමේදී එම බස් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

මන්ද මානසික කාන්තාවක් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, බස් රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත. මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයක සේවය කරන සේවිකාවන් දොළොස් දෙනෙකු සහ බස් රථයේ රියදුරු බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි, බස් රථයට ගල් ගැසූ බව කියන මන්ද මානසික කාන්තාවද දිගු කලක සිට අරලගංවිල රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා අතර ඇයද මේ වෙනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now