බස් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක්.

Sri Lanka Police Crime
By krishani Mar 26, 2023 06:08 AM GMT
krishani

krishani

Report

ඊයේ (25) රාත්‍රි, හෝමාගම - මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. 

ඒ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. 

ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බස් රථය තුළ එහි සේවකයන් සිව් දෙනෙකු සිට ඇත.

ඔවුන් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇති අතර පසුව සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී T56 උණ්ඩ හතරක් ද සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join