අනතුරට පත් කොට ශරීරයක් මතින් වාහනයක් ධාවනය කරලා - පලිගැනීමට කළ කුරිරු ඝාතනයක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
Accident
By krishani
යතුරුපැදිකරුවෙකුව කැබ් රථයකින් හප්පා යටකර ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු මල්ලාවී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යතුරුපැදිකරු මාර්ගයේ ගමන් කරමින් සිටින විට අනතුරට පත් කොට පසුව අදාල කැබ් රථය ඔහුගේ ශරීරය මතින් ධාවනය කර ඇත.
එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (25) මියගොස් තිබෙනවා.
වැඩිදුර විමර්ශනවල දී අණාවරනය වී ඇත්තේ ඝාතනයට හේතුව මියගිය තැනැත්තා 2022 වර්ශයේ දී මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙක් වන බැවින් එහි පලිගැනීමක් සඳහා බවයි.
කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවන් 06 දෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව මල්ලාවී පොලිසිය සඳහන් කළේ ය.
