ලෝක පූජිත සනත් ජයසූරියගේ ලෝකවාර්තාවක් බිඳ දමයි..මහේල සහ ඇන්ජලෝ හිමි වූ තැන මෙන්න..

Report

සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර 60ක් එල්ල කොට බිඳ දමා තිබෙනවා.

එංගලන්තයට එරෙහි තරගයේදී හයේ පහර 2ක් එල්ල කිරීමට ජඩේජා සමත්වීමත් සමඟ ජයසූරියගේ හයේ පහර වාර්තාව අභිබවා ගියා.

මෙහිදී ලොව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර ජඩේජාට දැන් හිමිව ඇත්තේ 29 වැනි ස්ථානයයි.

කෙසේවෙතත්, ටෙස්ට් තරගවලදී වැඩිම හයේ පහරක් එල්ල කළ පිතිකරුවා වන්නේ හයේ පහර 127ක් එල්ල කර ඇති එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් වනවා.

නවසීලන්තයේ බ්‍රයන් මැක්මිලන් හයේ පහර 107ක් හා ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් හයේ පහර 100ක් එල්ල කොට දෙවැනි, තුන්වැනි තැන්වල සිටියි.

තව ද ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාග් සිය ටෙස්ට් දිවිය තුළ හයේ පහර 91ක් එල්ල කර ඉන්දියවේ පළමු වැන්නා මෙන්ම ටෙස්ට් තරගවලදී වැඩිම හයේ පහර එල්ල කළ ලොව 6 වැනි පිතිකරු බවට පත්ව තිබේ.

දෝනි ටෙස්ට් තරග 90කදී හයේ පහර 78ක් එල්ල කර ඇත.

දෝනිට ඉහළින් ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 106කදී හයේ පහර 82කින් වැඩිම හයේ පහර එල්ල කළ ලොව 13 වැනි පිතිකරු බවට පත්ව තිබීම ද විශේෂත්වයක් .

මේ අතර, මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149කදී හයේ පහර 61ක් එල්ල කොට තිබේ.

Sponsored By Sarrita Jewellery

ලෝක පූජිත සනත් ජයසූරියගේ ලෝකවාර්තාවක් බිඳ දමයි..මහේල සහ ඇන්ජලෝ හිමි වූ තැන මෙන්න.. | Cricket New Record