සර්පයෙකු නිසා ඉන්දු - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයට එකවර වූ දේ..

Cricket
By krishani Oct 03, 2022 03:14 AM GMT
krishani

krishani

Report

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගුවහටි ක්‍රීඩාංගණයේ ඊයේ(02) පැවති දෙවන පන්දු වාර විස්ස තරගය අතරතුර ක්‍රීඩාංගණයට සර්පයෙකු පැමිණීම හේතුවෙන් තරගය මද වේලාවකට නතර කර ඇත.

එම ක්‍රීඩාංගණයේ සේවකයන් හතරදෙනෙකු සර්පයා ඉවත් කිරීමෙන් පසුව තරගය යළි ආරම්භ කරනු ලැබූ අතර මෙම තරගයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගනු ලැබුවේ ඉන්දියාවයි.

ඉන්දියාව සිය මව්රට තුළ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය මෙයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha