මෙන්න මේවා භාවිතය වැඩි වෙලාලු...හිතා ගන්නවත් පුළුවන් ද?

By Gagana News Mar 09, 2025 09:39 AM GMT
Report

පසුගිය 2024 වසරෙ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතට සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් තිබෙනවා.

2024 නොවැම්බර් මාසය වන විට සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654 ක් වූ අතර, දෙසැම්බර් මාසයේදී එය සංඛ්‍යාව 1,970,130 දක්වා වැඩිවීමක් වාර්තා කරනවා.

ඉදිරි මැතිවරණයට කාලි බල්තසාර් නම් කිරීමට NPP

ඉදිරි මැතිවරණයට කාලි බල්තසාර් නම් කිරීමට NPP

මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව, 2023 දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,917,085ක් වන අතර 2024 දෙසැම්බර් මාසයේදී එම සංඛ්‍යාව වැඩි වී ඇත්තේ සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කරමින්.

ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය ද නොවැම්බර් මාසයේදී පැවති රුපියල් මිලියන 151,614 සිට 2024 දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 157,957 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.