කොවිඩ් මරණ ප්‍රකාශයට නව ක්‍රියා පටිපාටියක්

covid19 health department quarantine death announcement Asela Gunawardhana
By Sewvandhi Jun 12, 2021 07:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ්19 මරණ ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව ක්‍රියාපටිපාටිය හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පැවසුවේ සදුදා සිට පැය 72-96 අතර කාලය තුළදී මරණ ප්‍රකාශ කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා (10) වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යා පිළිබඳ මාධ්‍ය විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මාස කිහිපයකට පෙර සිදු වූ මරණ ද ඇතුළුව මේ දිනවල සමහර මරණ ප්‍රකාශයට පත්කර ඇති බවයි.

පෙබරවාරි මස මුල සිට ජූනි දක්වා කාලය තුළදී සිදු වූ මරණ කිහිපයක් සමග සිකුරාදා අළුයම මරණ 101ක් ලෙස ශ්‍රී ලංකාව නිවේදනය කළේය.

වෛද්‍ය ඇසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සමහර අවස්ථාවලදී එවැනි කොවිඩ් මරණ සති හෝ මාස ගණනක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී ඇති බවයි.

සදුදා සිට බලධාරීන් කොවිඩ්19 මගින් සිදු වූ සියලුම මරණ පැය 72-96 අතර වූ කාලය තුළ ප්‍රකාශයට පත් පත්කිරීමට උත්සාහ දරන බව එතුමා කියා සිටි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now