කොවිඩ් මර්ධන එන්නතේ සිව්වෙනි මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න..

By Sithumi May 06, 2022 12:46 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව ගත් තීරණයකට අනුව මෙම මාත්‍රා ලබාදීම සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව වයස අවුරුදු 20ත් 60ත් අතර ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට ද කැමතිනම් මෙම මාත්‍රාව ලබාගැනීම නිර්දේශ කර ඇති බව ඇමතිවරයා කීවේය

. තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇති අයට පමණක් සිවුවන මාත්‍රාව ලබාගත හැකි බව ද අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ෆයිසර් එන්නත ගත් ඇතැම් පුද්ගලයන්ට හෘදයේ ආසාදන ඇතුළු ආබාධ ඇති වූ බැවින් පාසල් සිසුන් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් තදබල ශාරීරික වෙහෙසවීම් නොකළ යුතු බව නිර්දේශ කර ඇතැයි ද මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි