ලොව පළමු DNA එන්නතක් ගැන සුබම සුබ ආරංචියක්..ඉන්දියාවෙන් වැඩ අරඹයි..

Indian Covid vaccines Covid DNA vaccines
By Aruna Feb 07, 2022 05:29 AM GMT
Aruna

Aruna

Report

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන ඉන්දියාවේ ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නත ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත වනවා.

වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් යුක්තයි.

පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබාදෙනවා.

මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now