පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

covid19 isolated vaccination teachers quarantine
By Sewvandhi Jul 07, 2021 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ටත් කොවිඩ් 19 එන්නත් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ අතර ලබන 12 වන දා සිට රජයේ පාසල්වල සියළුම ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

වයස් භේදයක් නොසලකා අදාළ එන්නත ලබාදෙන බවයි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීයි ගුරුවරුන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තීරණයකට එළඹ තිබුනේ.

ඒ අනුව මෙරට 10155ක් වන සියලු පාසල්වල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට ද එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. විදුහල්පතිවරු, සහාය කාර්ය මණ්ඩලයක් පත්කර ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ඇති.

අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ සියලු ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙසට සලකා පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි පළමු පියවර වශයෙන් එන්නත් කරණය සිදුකරන බවයි.

එමෙන්ම පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ පිරිමෙන් විවෘත කිරීමට අපේක්ෂිතයි. පාසල් වසා තැබීම අඛණ්ඩවම සිදුකළ නොහැකි අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ඉක්මනින් අවසන් කිරීමට හැකි බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වාසය පළකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now