එන්නත ලබාදීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

covid19 students vaccination Mahinda Rajapaksha school opening
By Sewvandhi Jun 14, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවත්වුණා.

එහිදී අග්‍රාමත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටළු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now