අඳුරට ගිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය(VIDEO)

covid19 treatment center wal adura sanitary affairs'
By Sewvandhi Jun 14, 2021 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තමන්ට මේ වනවිට අවම සෞඛ්‍ය පහසුකම්වත් නොලැබෙන බවට කහවත්ත වැල්අඳුර විද්‍යා පීඨයේ ස්ථාපිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පවසනවා.

ඔවුන් ජංගම දුරකතනයක් මගින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තත්වය පිළිබඳව දර්ශන සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මගින් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ වනවිට තමන්ට පිටතින් කිසිදු භාණ්ඩයක් ලබාගැනීමටද අවසර හිමි නොවන බවයි.

එසේම ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සිටින ස්ථානවලටම නව රෝගීන් ගෙනවිත් දැමීම මගින් තමන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවටත් ඔවුන් එම වීඩියෝව මගින් චෝදනා කරනවා.

එසේම එම වීඩියෝව මගින් ඔවුන් පෙන්වාදෙන්නේ තමන්ට නිසි පරිදි සනීපාරක්ෂක පහසුකම් පවා මේ වනවිට නොලැබෙන බවයි. ඒ එම මධ්‍යස්ථානයේ වැසිකිළි පද්ධතිය, පොදු පහසුකම් ස්ථාන කිසිදු අයුරකින් පිරිසිදු කිරීමක් හෝ විෂබීජහරණය සිදුනොකිරීම හේතුවෙන්.

අදාල මධ්‍යස්ථානයේ සිට ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now