සෞඛ්‍ය වර්ජනය අතරතුර නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු හදිසියේම මරුට
deaths
covid 19
mathara
Sri lanak
By Sithumi
මාතර, වැලිගම, කොහුණුගම ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඊයේ (05) මියගොස් තිබේ. එම නිවැසියන් චෝදනා කළේ සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් ඇති වූ ප්‍රමාදය මරණයට බලපෑ බවය.
මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් සඳහන් කළේ, "PHI මහත්තුරු ආවේ නෑ. මම කෝල් ගත්තා ගත්තා එක පාරක්වත් කතා කළේ නෑ." ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහු විසින් ගිලන් රථයක් ගෙන්වා අදාළ සිරුර මාතර රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.
මේ අතර වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 35 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |