covid ආසාදිතයින් තවත් ඉහලට..
sri lanka
vaccination
Covid19
querantine
Omicone
By Sewvandhi
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 461 දෙනෙකු අද (10) දිනයේදී වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 592,128ක්.
කෙසේවෙතත් වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලද පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව මෙරට තුළ පමණක් 15,134ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෝලීය කොවිඩ් වෛරස තත්ත්වයට සාපේක්ෂව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද වසංගතය මැඩලීමට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ.
එමෙන්ම මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ වෙතින් ද මනා සහයෝගයක් ලබාදෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |