මෙරට පැතිරෙන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ගැන ඇඟවීමක්...අවධානයෙන් සිටින්න.

Covid Sri Lanka Delta
By Aruna Jul 06, 2021 03:57 AM GMT
Aruna

Aruna

Report

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.

මේ වනවිට මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

ඒ අතර මාලදිවයින් ජාතිකයෙකු ද වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now