කොවිඩ් Alpha ප්‍රභේදය දිස්ත්‍රික්ක කිහිපයකින්

covid alpha variety UK origin Jayawardhana pura campus Guvani liyanage
By Sewvandhi Jun 10, 2021 06:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට දිස්ත්‍රික්ක කිහිපයකින් ලබාගත් කොවිඩ් සාම්පල මඟින් Alpha ප්‍රභේදය (B.1.1.7.-UK origin) හඳුනාගෙන ඇත.

එනම් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදුව, තිස්සමහාරාමය, කරාපිටිය හා හා රාගම යන දිස්ත්‍රික්කවලින් මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇත.

මේ අතර, මෙරට පැතිරෙන ප්‍රබල කොරෝනා වෛරස කාණ්ඩ ගැන සිදුකළ පරීක්ෂණවල වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙම කාලසීමාව තුළ දරුවන්ට වැළදෙන ලෙඩ රෝගවලදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවයි ළමා රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී නැහැ.

දිනක් තුළදී වාර්තා කරන ලද වැඩිම සංඛ්‍යාව එනම් මරණ 67 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම මරණ අතරින් 19 ක් මැයි 17 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා සිදුව ඇති අතර, ජුනි 01 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48 ක්.

 නව කොරෝනා ආසාදිතයින් 2735 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 213,396 දක්වා ඉහළ ගියා.   

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now