ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් අලුත් අවුරුදු පොකුරෙන්
නව කොරෝනා අසාදිතයින් 1,452 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 283,512 ක් ලෙසයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,447 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 05 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. ඊයේ දිනයේදි ආසාදිතයින් 962 දෙනෙකු සුවය ලැබූ අතර, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 255,833 ක් ලෙසයි.
එසේම, පසුගිය 16 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 31 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,733 ක්. එසේම, කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
මේ අතර, ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තිය සමිති 14 ක් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වී ක්‍රියාත්මක කරන ලබන වෘත්තිය ක්‍රියාමාර්ගය අද 7 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව කුලියාපිටිය ප්‍රදේශයෙන් 117 දෙනෙකු, මහනුවරින් 51 ක් සහ ගම්පහින් 31 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 50,749 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |