මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

covid19 death shavendra silva asela gunawardhana channa jayasumana
By Sewvandhi Jul 22, 2021 02:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 ආසාදිතව මියගිය පිරිස අතර බහුතරයක් පිරිමි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සමස්ත කොවිඩ් ආසාදිත මරණ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 75ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සියයට 24ක් අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් වන අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සියයට 1.2ක් ද ඒ අතර වන බව වාර්තා වේ.

ජුලි මස 20 වනදා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,917 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 289,577 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 263,758 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 21,949 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මේ අතර ඊයේ දිනයේ ද මෙරටින් නව කොවිඩ් -19 ආසාදිතයින් 1,566 දෙනෙකු හඳුනාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now